Gossips

වන අලියෙකුට දිවි අහිමි කළ විදුලිසැරය (ඡායාරූප)

වැල්ලවාය, රන්දෙණිය ප්‍රදේශයේ අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු අද (24) අලුයම මියගොස් තිබෙනවා.
මිය ගිය සත්වයා වයස අවුරුදු 15ත් 25ත් අතර වයසක පසුවන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.
කිරිදි ඔයට ඉහළින් මෙම විදුලි රැහැන් පද්දතිය ඇද තිබී ඇති අතර විදුලිය කාන්දු වීම නිසා දිය බල්ලෙක් සහ කිරිදි ඔයේ මත්ස්‍යයන් රැසක් ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිදුනරනු ලබනවා.


ඡායාරූප – වැල්ලවාය, ජයන්ත වීරසේකර