Gossips

ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩාංගණයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශීය අගනුවර වූ ලෂ්කාර් – ඝා හි මල්ලවපොර තරඟාවලියක් පැවති ක්‍රීඩාංගණයකට ඊයේ (23) එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මරාගෙන මැරෙන බෝම්බකරු මෝටර් රථයක් ක්‍රීඩාගාරය තුළට පැදවීමට උත්සාහ කර ඇති අතර, ඊට අවස්ථාවක් නොලැබීම නිසා එහි පිටත දී මෙලෙස පිපිරවීම සිදුකර ඇති බව සඳහන්.
තරඟාවලිය අවසන් වී නරඹන්නන් ඉවතට පැමිණෙන විටයි බෝම්බකරු එහි පැමිණ ඇත්තේ.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ප්‍රහාර මේ වන විට උත්සන්න වී ඇති අතර, කාබුල් නුවර නව වසර සැමරීමේ උත්සවයකට පසුගිය බදාදා එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ද පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරය විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අයුරු පහතින්.