Gossips

කර්මාන්තශාලාවක විෂ වායුවකින් දෙදෙනක් මරුට

දඹුල්ල, මනම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් ඊයේ (23) කාන්තාවක් සහ තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ එහි සේවය කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු සහ 30 හැවිරිදි එක්දරු මවක් බවයි වාර්තා වන්නේ.
මනම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කුළුබඩු ඇසුරුම්කර අපනයනය කරන කර්මාන්තශාලාවකයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහි සේවකයින් පැවසුවේ මීට පෙරද සිදු වූ මෙවැනිම අනතුරුවලින් අයෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.