Gossips

ඇෆ්ගනිස්ථානය 2019 ලෝක කුසලානයේ ඉඩ වෙන්කර ගනී

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත් වුණා.
ඒ අයර්ලන්තය සමඟ පැවති සුදුසුකම් ලැබීමේ තරඟය කඩුලු 05කින් ජය ගැනීමත් සමඟයි.
සිම්බාබ්වේ – හරාරේ නුවර පැවති මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 209 ක් රැස්කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුල කඩුලු 05ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියා.