Gossips

යළි කරළියට පැමිණි වංචාව

හිරු සී.අයි.ඒ හරහා ඊයේ (22) අප හෙළිකලේ රටතුල මහත් ආන්දෝලනයක් ඇති කළ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් වංචාවන් නැවත වරක් කරළියට පැමිණ ඇති ආකාරය පිළිබදවයි.
හිරු සී.අයි.ඒ හරහා 2013 වසරේ සිදුකළ හෙළිදරව්වත් සමග ග්‍රීන්ෆීල්ඩ් වංචා සිදුකරගෙන ගිය නම් දෙකකින් පෙනී සිටි රොහාන් සමන්රත්නායක නම් පුද්ගලයා නීතියේ රැහැනට කොටුවුණා.
මෙහි නීතිමය කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින පසුබිමක පොල් ඉඩම් බලාගන්නා පුද්ගලයෙකු මෙම ඉඩම්වල නඩු කටයුතු අවසන් බව පවසමින් අසත්‍යප්‍රචාර ගෙන යන අයුරු හිරු සී.අයි.ඒ කැමරාවට හසුවුණා.
රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු සකසා වංචාවක් සිදුකළ බවට ජනාධිපති විමර්ශන ඒකකය ද පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන තිබියදී මෙම පුද්ගලයා පවසන්නේ මෙය තනි පුද්ගලයකුට අයත් ඉඩමක් බවයි.