Gossips

පාකිස්ථාන ජනරජ දිනයේදී ජනපති හරසරින් පිළිගැනේ (ඡායාරූප)

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අද (23) පැවති පාකිස්තාන දිනය හෙවත් එරට ජනරජ දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වුණා.
ඉස්ලාමාබාද් නුවර ශකර්පරියන් කඳු පියස ආසන්නයේ පැවති වර්ණවත් ජනරජ දින උළෙල ඒකාබද්ධ හමුදා පෙළපාලියකින් සමන්විත වූ බව එරට මාධ්‍ය සඳහන් කළා.
පාකිස්තානය ජනරජ දිනය සමරන්නේ 1940 වසරේ මාර්තු 23 වැනිදා ඇතිකරගත් ලාහෝර් සම්මුතිය මගින්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය සඳහා පාකිස්තානය නැමැති නව රාජ්‍යය ලබාදීමට එකඟවීමෙන්.
අද (23) පැවති සැමරුම් උළෙල සඳහා අග්‍රාමාත්‍ය ශාහිඩ් ඛඛාන් අබ්බාසි මෙන්ම එරට හමුදා ප්‍රධානීන්ද එක්වූ අතර, උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින්.
පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලට පැමිණීම සම්බන්ධයෙන් පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත විශේෂ ස්තූතියක් පළ කළ බවයි පාකිස්තාන ඩෝන් පුවත්පතේ වෙබ් අඩවිය සඳහන් කළේ.
ආචාර පෙළපාලිය සඳහා තුර්කිය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද හමුදා භට ඛණ්ඩ එවා තිබූ බව සඳහන්.