Gossips

ජානක පෙරේරා ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු යළි රිමාන්ඩ්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් 60 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 22 වන දා යළි කැදවීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
නඩුවේ පැමිණිලි සහ විත්ති පාර්ශවයේ දේශන එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ප්‍රකාශ කළේ.
මෙම නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති ඉදිරියේ විභාගයට ගැනෙන අතර, අද නඩුව කැදවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරිය අධිකරණයට පැමිණ නැහැ.
පසුව එම නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කෙරුණු අතර, මෙම සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන උමාර් හබිතාබි නැමැත්තා මැයි 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.