Gossips

වියට්නාමයේ ගින්නකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

වියට්නාමයේ – හෝචිමින් නුවර මහල් නිවහන් සංකීර්ණයක අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 27 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගින්න ඇතිව තිබෙන්නේ වියට්නාමයේ ආර්ථික මධ්‍යස්ථානය ලෙස සැලකෙන හෝචිමින් නුවර කැරීනා ප්ලාසා ගොඩනැගිල්ලේයි.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 30 ක් සහ ගිනි නිවන භටයන් 200 දෙනෙකු පමණ යොදවා ඇති අතර පැයක් ඇතුළත ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවයි වියට්නාම බලධාරින් ප්‍රකාශ කළේ.
නිවහන් 736 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල වසර 6 ක් පමණ පැරණි එකක් බව සඳහන්.