Gossips

කෝටි 5කට ආසන්න විදේශීය මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙලෙස නීතිවිරෝධී ලෙස තබා ගත් මත්පැන් බෝතල් 15,431ක් ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 44 හැවිරිදි සැකකරු කොල්ලූපිටිය – ආර්.ඒ. ද මැල් මාවතේ පදිංචිකරුවෙක්.
පොලිස් ඇප මත සැකකරු මුදා හැර ඇති අතර, ලබන 28 වන දා ඔහු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.