Gossips

ගාල්ලට පොහොට්ටුවෙන් නගරාධිපති කෙනෙක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම තේරී පත්වී තිබෙනවා.
ඒ අද (23) නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති රහස් ඡන්දයකින්.
මෙහිදී උප නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් හුසේන්.
නව නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ ප්‍රියන්ත සහබන්දු ගොඩගම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සාධාරණ ඡන්දයකින් තමන් නගරාධිපති ලෙස තෝරා පත් කර ගත් බවයි.