Gossips

ගුරුකුල-ධර්මාලෝක කැලණි හටනට සියල්ල සූදානම් (ඡායාරූප)

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 30 වැනි "කැලණි හටන" මහ ක්‍රිකට් තරඟය මේ මස 27, 28 යන දෙදින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය වන්නේ මෙම විද්‍යාල දෙක අතර තරඟයයි.
විදුහල් දෙක අතර සුහදතාව වර්ධනය කරගැනීමේ මූලික අරමුණ ඇතිව පැවැත්වෙන මෙම තරඟය ඉතා සුහදශීලීවත් ගුරු සිසු ආචාර්ධර්ම ආරක්ෂා කර ගනිමින් පැවැත්වීම විදුහල්පතිවරුගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේත් ආදි සිසුන්ගේත් අපේක්ෂාවයි.
1988 වසරේදී සිට පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 29කින් තරග 03ක් ගුරුකුල විද්‍යාලය ජය ලබා ඇති අතර තරඟ 26ක් විසඳුමකින් තොරව අවසන්වී තිබෙනවා.
දෙවිදුහල් අතර 26 වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික එක්දින තරඟය අප්‍රේල් මස 1 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ගුරුකුල විදුහල් පිලේ නායකයා ලෙස පෘතුවි රුසර ද ධර්මාලෝක විදුහලේ නායකයා ලෙස මාධව කවිඳු ද කටයුතු කරනවා.
ගුරුකුල විදුහල් සංචිතය
පෘතුවි රුසර (නායක), ලසිඳු අරෝෂ (උපනායක), තරිඳු නිරෝෂන් , යුෂාන් මලිත් , නවීන්ඳ්‍ර චරිත් , පැතුම් මහේෂ් , කෙමිර නයනතරු , මලිඳු විදුරංග , ඩික්ෂාන් සසංග , ශානක ඉෂාර , සචින්ත චමිත්, නුවන්ත මධුෂාන් , අභිෂේක් ජයවර්ධන , නුවන් චානක , සිතිජ චමෝද් , සසිත අශාන් , ප්‍රවීන් නිමේෂ් , ඩිලිප් චාමර , තෙෂාන් මලිංද ,

ධර්මාලෝක විදුහල් සංචිතය
මාධව කවිඳු (නායක), යුගීෂ දිශාන් (උප නායක), හරිත කෙෂාන් , කවිඳු සංකල්ප , සුබෝධි නිල්ෂාන් , සචින්ත ලක්ෂාන් , පසිඳු ලක්ෂිත , හසිඳු පියමාල් , රුසිරු රන්දුනු , කවිඳු මල්ෂාන් , රවීන් කවිශ්ක , රවීෂ් තරිඳු , යසින්ත යොහාන් , හිමාලක ඉඳුරංග , මනුර අක්ෂර , අචින්ත කුමාර , ඉරූෂ රාමණායක , ෂෙනාල් හිමන්ත , පියුමික මැදවත්ත , මදුෂ්ක නදීශාන් , පබසර මදුරංග.