Gossips

සෞදි අරාබියට ඩොලර් කෝටි 100 ක ඇමරිකානු යුධෝපකරණ

සෞදි අරාබියට ඇමරිකානු ඩොලර් කෝටි 100 ක් වටිනා යුධෝපකරණ ලබාදීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (22) නිල වශයෙන් අනුමත කළා.
මෙහිදී ඩොලර් මිලියන 670 ක් වටිනා යුද ටැංකි නාශක මිසයිල, ඩොලර් මිලියන 106 ක් වටිනා හෙලිකොප්ටර් සහ ඩොලර් මිලියන 300 ක ගොඩබිම් යුද රථ අමතර කොටස් ලබාදීමටයි ඇමරිකාව එකඟ වී ඇත්තේ්.
සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ වනවිට ඇමරිකාවේ සංචාරයක නිරත වන අතර, ඔහු සමඟ පැවති සාකච්ඡාවලදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ගණුදෙනුවට එකඟත්වය පළ කර තිබෙනවා.