Gossips

සුපිරි ක්‍රීඩකයාගෙන් සුපිරි ඉනිමක්

ඊයේ දිනයේ ක්‍රිකට් පිටියේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිමේ කඩා වැටීම වෙතයි.
කෙසේ වෙතත් එක් අවස්ථාවකදී එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව 27 කට කඩුලු 9 ක් ලෙස සඳහන් වූවා.
එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ නවසීලන්ත කණ්ඩායමේ සුපිරි උඩපන්දු රැකගැනීම වෙතයි.
පිතිකරුවන් සම්පූර්ණයෙන් පරාජය කළ සුපිරි වේගපන්දු යවන්නන් දෙපළ වූ TA Boult සහ TG Southee ගේ වෙඩි සැරය පැරදවූ පන්දුව හමුවේ එංගලන්තය ලකුණු 58 කට සීමා වූවා.
කෙසේ වෙතත් පන්දු යැවීමෙන් සහනයක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසියද එංගලන්තයේ එම බලාපොරොත්තුවද සුනුවිසුනු කරමින් නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 100ක් ලබාගනිමින් මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
ඒ අනුව නවසීලන්තය මේ වනවිට කඩුලු තුනක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 197ක්.
මේ අතර තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ගේ දැවී යාම වෙතත් මේ වනවිට සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.
එම උඩපන්දුව රැකගන්නේ නවසීලන්ත නායක කේන් විලියම්සන් විසින්.
අතිවිශිෂ්ඨ අයුරින් ඇසිල්ලකින් රැකගත් එම සුපිරි උඩපන්දුව පහතින්.
rnrn
rn