ජනතා ඉල්ලීමක් බව පවසමින් ග්ලයිෆොසේට් වල් නාශකය ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් එය ඉතා වැරදි තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ග්ලයිෆොසේට් වල්නාශකයට පක්ෂව කතා කරන බොහෝ විද්‍යාඥයින් සමාගම්වල මුදලට විකිණී ඇති බවයි.
මේ අතර, ජාතික පර්යේෂණ සභාවේදී ඊයේ (22)පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කර සිටියේ ග්ලයිෆොසේට් හේතුවෙන් වකුගඩු රෝගය ඇති වන බවට තවමත් ස්ථිරව පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවයි.