Gossips

ලෝක කණ්ඩායමේ නායකත්වය ඉයොන් මෝගන්ට

කැරිබියානු දිවයින් වලට බලපෑ ඉර්මා සහ මරියා සුළි කුණාටුවලින් හානි සිදුවූ ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රදර්ශන තරඟයේදී ICC ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට එංගලන්ත නායක ඉයොන් මෝගන් නම් කර තිබෙනවා.
මෙම තරඟය ලබන මැයි 31 වනදා ලන්ඩනයේදී පැවැත්වෙන්නේ ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පසුගිය විස්සයි විස්ස ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරයි.
මෙම විස්සයි විස්ස ප්‍රදර්ශන තරඟයේ අනෙකුත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ඉදිරියේදී නම් කෙරෙනු ඇති.