Gossips

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී-මියුන්-බක් අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී-මියුන්-බක් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2008 වසරේ සිට 2013 වසර දක්වා දකුණු කොරියාවේ ජනාධිපති ධුරය හෙබ වූ 76 හැවිරිදි ඔහුට එරෙහිව අල්ලස් ,බදු වංචා සහ බලය අයුතු ලෙස යොදා ගැනිම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සහන් කළේ.
ලී-මියුන්-බක් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ 4 වන දකුණු කොරියානු නායකයායි.
වෛද්‍ය පර්යේෂණයකින් අනතුරුව ඔහු වර්ග මීටර් 11 ක හුදකලා සිරමැදිරියක රැදවීමට නියමිත බව සදහන්.
කෙසේ නමුත්, දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා.