Gossips

කම්හලක සේවකයින් දෙදෙනෙක් එකවරම මියයයි

කුළු බඩු වර්ග අඹරා පිට රටවලට යැවීමේ කම්හලක තිබූ විසක් ආග්‍රහණය වීමෙන් 22 දින රාත්‍රියේ එහි සේවය කළ සේවකයෙකු සහ සේවිකාවක මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.
මෙහි ආහාර රසකාරකයක් සකසමින් සිටි වයස අවුරුදු 32 ක සේවිකාවක් සහ වයස අවුරුදු 19ක සේවකයෙකු එක වරම හුස්ම ගැනීමේ අපහසුතාවයකට පත්ව දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන්ගේ මෘත දේහයන් දඹුල්ල රෝහලේ තබා ඇති අතර අද (23) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.