Gossips

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකට

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මතය ඉදිරියේදී කතානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නඩුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ගොනුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක්.
පෙත්සමට අදාළව ලිඛිත විරෝධතා ඇත්නම් ලබන 26 වනදා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නියෝග කෙරුණා.