Gossips

ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුගෙන් පාපොච්චාරණයක්

හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී 11 හවිරිදී දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කර ඝාතනය කළ බව කියන සැකකරු අද (22) හලාවත දිසා විනිසුරුවරයාගේ නිල මැදිරියේදී රහසිගත පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට නීතිඥයින්, පොලිස් නිලධාරීන් සහ බාහිර කිසිදු පාර්වයකට සහභාගි නොවූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඉන් අනතුරුව සැකකරුව ලබන මස 05 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
එමෙන්ම එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුව පවත්වන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කළ බවයි පැවසෙන්නේ.