Gossips

අවුුන්සාන් සුකීගේ මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මියන්මාරයේ නිළ නොලත් නායිකාව වන අවුන්සාන් සුකීගේ යැන්ගූන් නුවර පිහිටි මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය ප්‍රකාශ කළා.
ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් සිදුනොවූ අතර, අවුන්සාන් සුකීගේ නිවහනේ ජල නළයකට පමණක් හානි සිදුව තිබෙනවා.
අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයට දායක වූ නොබෙල් සාම ත්‍යාගලාභී අවුන්සාන් සුකී, රොහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාර හමුදාවල ප්‍රහාරවලට ලක්වන බවට එල්ල වන චෝදනා හෙළා දැකීමට අපොහොසත්වීම නිසා දැන් ජාත්‍යන්තරයේ විවේචනයට ලක්වනවා.