Gossips

හලාවත – කොළඹ බස් වර්ජනය තවදුරටත්

රිය සහයකයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් හලාවත – කොළඹ සියලූ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
හලාවත මගී ප්‍රවාහන සංගමයේ සභාපති චමින්ද හංස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (22) පස්වරුවේ දුරගමන් සේවා බස් රථයක හිමිකරුවෙකු හලාවත සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක සහයකයවරයෙකුට කොච්චිකඩේ ප්‍රදේශයේදී පහරදී ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ රිය සහයකයා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.