Gossips

සුපිරි ක්‍රිකට් ගැටුම මැද ලොවම බයකළ ක්‍රිකට් පිටියට හදිස්සියේ පැමිණි දේ

පකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් වටයේ Karachi Kings සහ Peshawar Zalmi තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.
මේ නිසා තරඟය ඉක්මනින් ආරම්භ කිරීම සදහා ක්‍රීඩාංගනය වේලා ගැනීමට හෙළිකොප්ටර් දෙකක් වහාම ගෙන්වීමට තරග සංවිධායකයින් පියවර ගත්තා.
ඒ අනුව පන්ජාබ් ප්‍රාන්ත රජයෙන් සහ පකිස්ථාන් හමුදාවෙන් හෙළිකොප්ටර් දෙකක් ක්‍රීඩාංගනයට පැමිණියා.
මීට පෙර 1996 ලෝක කුසලානයේ පකිස්ථානයේ පැවති තරගය දෙකකදී ක්‍රීඩාංගනය වේලා ගැනීම සදහා හෙළිකොප්ටර් භාවිතා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව වැනි රටවලදී නම් බොහෝ විට මෙවැනි උපක්‍රම භාවිතා කරනු දකින්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනේද ලාහෝර නුවරදී වන අතර ලාහෝර් නුවර සැලකෙන්නේ ත්‍රස්ත තර්ජන පවතින ප්‍රාන්තයක් ලෙසයි.
මේ නිසා හදිස්සියේ හෙළිකොප්ටර් යානා දෙකක් පැමිණීම ගැන ප්‍රේක්ෂකයින් උනන්දු වූ බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම අවස්ථාව පහතින්.
rnrn