Gossips

අඩුම ලකුණකට ක්‍රිකට් උපන් රටේ සියලු ක්‍රීඩකයන් දැවී යයි

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (22) ආරම්භ වූ ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 58 කට සීමා කිරීමට නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයන් දෙපළ මීට සුළු මොහොතකට පෙර සමත්වුනා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි AN Cook දවාගැනීමත් සමඟ එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 9 ක් ලකුණු 27 කට දැවී යාම බොහෝදෙනකුගේ අවධානය යොමුවූවා.
කෙසේ වෙතත් අවසානයේ කණ්ඩායම වැටෙන්නට ගිය අගාධයෙන් ගොඩ ගන්න වෙරදැරූ මෙම ඉනිමේ යම් තරමකට හෝ සාර්ථක එකම පිතිකරු වූ C Overton ලකුණු 33ක් රැස්කරගත්තා.
ඔහුගේ ඉනිම සාර්ථක නොවූයේ එක් අන්තයකින් සුපුරුදු පරිදි එංගලන්ත කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම හේතුවෙන්.
ඒ අනුව එක් අන්තයක ඔහු නොදැවී තනිවෙද්දී ලකුණු 58 කට එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු දවාගැනීමට නවසීලන්තය සමත්වූවා.
මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරතවූ TA Boult පන්දුවාර 10 කදී ලකුණු 32 කට කඩුලු 6 ක් දවාගත්තා.
TG Southee ඔහුට අගනා සහයක් ලබාදෙමින් පන්දුවාර 10 කදී කඩුලු 4ක් දවාගන්නේ ලකුණු 25ක් පමණක් ලබාදෙමින්.
ලොව එක් ඉනිමකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වන්නේද නවසීලන්තයයි.
ඔවුන් එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව වන්නේ 26 ක් වීම විශේෂත්වයක්.
වර්ෂ 1995 දී මාර්තු 25 පැවති එම තරඟයේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 26 කට දවාගැනීම සිදුකරන්නේ එංගලන්තය විසින් වීමද තවත් කැපී පෙනෙන සිදුවීමක්.
එම තරඟයද අද තරඟය පැවැත්වෙන ඕක්ලන්ඩ් හි පැවැත්වීම විශේෂත්වයක්.
බොහෝ දෙනෙක් තරඟය අතරතුරු මත පළකලේ එංගලන්තය වසර ගණනාවකට පෙර නවසීලන්තයට අත්කරදුන් එම අමිහිරි මතකයට මනා පිළිතුරක් අද ලබාදෙනු ඇති බවයි.
මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 88ක්.
අද තරඟයේ පළමු ඉනිමේ එංගලන්ත කණ්ඩායමේ කඩාවැටීම සිදුවූ අයුරු පහතින්.
rnrn