Gossips

විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ සැකකරුවෙකු නැවත බන්ධනාගාරයට

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැති සැකකරු නැවත මාර්තු 28 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය,කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් ඊයේ (21) නියෝග කරා.
සැකකරු පොලිස් නිළධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කරනු ලැබුවා.
විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිදුවීමේ පළමු විත්තිකරු ලෙද පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තා නම්කොට තිබු අතර, සිදුකළ සාක්ෂි විභාගය අනුව සැකකරු නිදහස් කිරීමට විද්‍යා ඝාතන නඩුව විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.
එහෙත් විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකපිට සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිළධාරියෙකුට බැන තර්ජනය කිරීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනා.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ(21) කැදවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමට අවශ්‍ය බැවින් සැකකරු නැවත බන්ධනාගාරගත කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.