Gossips

තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ් (ඡායාරූප)

මහනුවර – තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ තෙල්දෙනිය මහේස්ත්‍රාත් එස්. එච්. පරිඩ්ඩීන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
සැකකරුවන් නඩුව යළි කැඳවන දිනයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකරුවන් වෙනුවෙන් අද (21) දිනයේදී කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටීම ද විශේෂත්වයක්.
දැඩි ආරක්ෂාවක් යටතේ අඳුරු පැහැති වාහනයක සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අතර තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කර තිබුණා.

ඡායාරූප – මහනුවර චන්දන උඩුවාවල