Gossips

හෙරොයින් සමඟ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 7ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මෝටර් රථයක් අද (21) අලුයම මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ මාතර – ගොඩගම අධිවේගී පිවිසුම ආසන්නයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාතර නාඳුගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදී පුද්ගලයෙක්.
සැකකරු කඩවත ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගය හරහා හෙරොයින් මාතරට රැගෙනවිත් බෙදා හැර ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ''තුඩාවේ සුද්දා'' යන පාතාල සමාජිකයාගේ අධාරකරුවෙකු ලෙස පොලිසිය හඳුනාගෙන තිබෙනවා.