පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන අමාත්‍යවරුන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් තවත් කරුණු රැසක් පිළිබඳව ප්‍රශ්න කළ අතර, එහිදී මාධ්‍ය හමුවට එක්ව සිටි නීතිය හා සාමය විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද පිළිතුරු ලබාදුන්නා.