Gossips

කැණියොන් ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ සිරුර හමුවෙයි (ඡායාරූප)

මසුන් මරන්න පියා සමග ගිහින් දරුවාට මුහුණදෙන්න සිදු වූ ඉරණම
කැණියොන් විදුලි බලාගාරය අසලදී ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් විසින් මෙම දරුවාගේ සිරුර ගොඩගත් බවයි.
පියා සමග මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ හපුගස්තැන්න වතුයායේ පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙක්.
ඔහු ඊයේ පස්වරු 4 ට පමණ කැණියොන් විදුලි බලාගාරය ආසන්න අධි ආරක්ෂිත කලාපයේ නුගේ වළ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගොස් තිබෙනවා.
එහිදී ඔහු පය ලිස්සා ජලාශයට ඇද වැටී ඇති අතර දරුවා බේරා ගැනීමට ගිය පියා ද දියේ ගිලී තිබෙනවා.
ඔවුන්ගේ කෑගැසීම ඇසුනු එම ස්ථානයේ සිටි පිරිසක් පියා බේරාගෙන ඇති අතර සිසුවා බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
සිසුවා ඇද වැටුනු වළ අධික ගැඹුරක් සහිත බැවින් එය ගොඩගැනීම සඳහා පොලිසිය නාවික හමුදාවේ සහය ඉල්ලා තිබුනා.
ගොඩගත් සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය රෝහලට යොමු කිරීමට නියමිතයි.



ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර