Gossips

පාතාල සාමාජික චූලා පොලිස් අත්අඩංගුවට

පුද්ගල ඝාතන සිදුවීම් කිහිපයකට සම්බන්ධ පාතාල සාමාජික චමින්ද ලසන්ත හෙවත් චූලා වසන්ත නැමැත්තා සහ තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
31 හැවිරිදි චූලා නැමති සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා 38 හැවිරිදි අයෙක්.
පසුගිය 16 වනදා බොරැල්ල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700 ක් සමගයි.
ඔවුන් දෙදෙනා පසුගිය 17 වනදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය කියාසටියේ.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙම සැකකරුවන් පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.