Gossips

බිළිඳෙකු මහමග දමා ගිය සිද්ධියට අදාළ විමර්ශනවල උදෘත නීතිපතිට

සරසවි සිසුවියක විසින් දින 12 ක් වයසැති සිය බිළිදා මහමග දමා ගිය සිද්ධියේ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යවා ඇයට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද නියෝග කළා.
ඒ, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයටයි.
නඩුව ජූලි මස 7 වනදා යළි කැදවනු ඇති.
අනුරාධපුර – පුලියන්කුලම ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් අසල බිළිදා දමාගිය බවට සැක කෙරෙන මෙම සරසවි සිසුවිය පොළොන්නරුව – මැදිරිගිරිය – දික්ගල්පුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.