Gossips

යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුුලූ 8 ක ජයග්‍රහණයක් ලැබීමට ඉන්දීය යොවුන් පිල සමත් වුණා.
මෙය ඉන්දියාව වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කළ 4 වන අවස්ථාවයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල 48 වන පන්දුවාරයේදී ලකුණු 216 කට දැවී ගියා.
පිළිතුරු වශයෙන් ඉන්දීය යොවුන් පිල 39 වන පන්දුවාරයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 220 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.
මෙම තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා යොවුන් පිල එහි පළග ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා.