Gossips

මීතොටමුල්ලෙන් තවත් චෝදනාවක්

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට රජය විසින් ලබාදෙන රුපියල් 50,000 ක නිවාස කුලිය මාස 7 ක කාලයක සිට ලබාදී නොමැති බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා.
එහි කැඳවුම්කරු ශාන්ත ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පවුල් 100 කට‍ නිවාස කුලිය ලැබී නොමැති බවයි.