Gossips

කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාමේ ගැටළුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාම ගැටළු සහගත බව පවසමින් හිටපු නගරාධිපති ජනක රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම ඔහු ඉදිරිපත් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලූ පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.
මෙවර පළාත්පාලන මැතිවරණයේදී කෝට්ටේ මහ නගර සභාවට තේරී පත්වූ සභික සංඛ්‍යාව නියමිත පරිදි තම පක්ෂයට හිමිවී නොමැති බව ඔහු එම පෙත්සම මගින් ප්‍රකාශ කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.