Gossips

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ දොරවල් කුඩු කල ක්‍රීඩකයා

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා- බංග්ලාදේශ තරගය අතරතුර ඇති වූ උණුසුම් තත්වය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරවල් වලට පහරදෙමින් අලාභානි සිදු කර තිබුනා.
එලෙස දොරවල් වලට පහරදෙමින් අලාභානි සිදු කලේ බංගලදේශ කණ්ඩායමේ නායක සකිබ් අල් හසන් බව අනාවරණය වී තිබෙනවා.
මේ තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා හසන්ට තරග මුදලින් 25%ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබාදීමට තරග තීරකවරයා පියවර ගත්තා.
නමුත් එම දඩුවම ප්‍රමාණවත් නොවන බවට ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දුන් අතර, නායකයකු ලෙස සකිබ්ගේ හැසිරීමද දැඩි ලෙස විවේචනයට ලක්වුණා.
එම ඡායාරූප පහතින්.

අවසන් පන්දුවාරයේදී ඇතිවූ සිදුවීමක් පදනම් කරගනිමින් බංගලාදේශ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගුණයට හානිදායක වන අයුරින් පිටිය තුළ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරඟය වෙත මේ වනවිට ලොව පුරා අවධානය යොමුව තිබෙනවා..
එහිදී අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියේ ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක ඉසුරු උදාන විසින්.
එම පන්දුවාරය ආරම්භයේදී බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 6 කදී ලකුණු 12 අවශ්‍යව පැවතියා.
එම පන්දුවාරයේදී Mustafizur දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමත් සමඟයි මෙම උණුසුම් තත්වය ඇතිවන්නේ.
ප්‍රථමයෙන් පිටිය තුළට පිවිසි බංගලාදේශ සහය ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකා නායකයාවූ තිසර වෙත කිසියම් ප්‍රකාශයක් සිදුකරනු ලබනවා.
විදෙස් විචාරකයන් පැවසුවේ තරඟයේ උණුසුම් කළ සිදුවීම එය බවයි.
කෙසේ වෙතත් මෙලෙස තරඟයට එක්නොවන සහය ක්‍රීඩකයෙකුට ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට පිටිය තුලට පැමිණ බලපෑම් එල්ලකිරීම ඉදිරියේදී ජාත්‍යන්රයේ විශේෂ අවධානයක් යොමුවනු ඇති බව අප විශ්වාසයයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානිදායක ලෙස තම කණ්ඩායමේ සහය ක්‍රීඩකයෙක් පිටිය තුළ විනය විරෝධි ලෙස හැසිරෙද්දී එම අවස්ථාවේ පිටියෙන් ඉවත සිටි බංගලාදේශ නායක ෂකීබ් විසින් පන්දුවට පහරදෙමින් සිටි තම පිතිකරුවන් දෙදෙනාට නැවත ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස ආවේගශීලීව හස්ත සංඥා කළා.
එහිදී පිටියේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කිරීමට විනිසුරුවන්ට බරපතල ලෙස මැදිහත් වීමට සිදුවුනා.
තරඟය ජයග්‍රහණය කලද බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයට මැකිය නොහැකි කලු පැල්ලමක් එක්කළ එම සිදුවීම පහතින්.
rnrn