බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (20) අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුවන් 5 දෙනෙකු අප්‍රේල් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 23, 25, 20 වයස්වල පසුවන මොරවක, වරල්ල, පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කලේ.
මොරවක පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පසුගියදා සිදුකළ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි බාල වයස්කාරියක්.
2016 වසරේ සිට වරින් වර මෙම තරුණයන් ඇය සමඟ පෙම්සබඳතා ඇතිකරමින් මෙලෙස බාලවයස්කාර දැරිය අපයෝජනය කර තිබෙනවා.
පසුගිය 01වනදා සහ 02 වනදා යන දිනවලදී ඇය පාළු ගොඩනැගිල්ලක් තුළදී අවසන්වරට ඔවුන් අතින් අපයෝජනය වී ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දැරියගේ නිවස පිහිටි ප්‍රදේශයට 2017 වසරේ මැයි මාසයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඉන් ඇයගේ නිවසද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අනතුරුව ඔවුන් තාවකාලිකව තනාගත් නිවසක වාසය කර ඇති අතර පසුව පියා ඔවුන් අත්හැර දමා වෙනත් ප්‍රදේශයකට ගොස් තිබෙනවා.
පසුව ඇතිවූ අගහිඟකම් හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නිමාකරමින් ඇය මව සමඟ විවිධ ව්‍යාපාරික ස්ථානවල සේවයට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී එම දැරියට විවිධ පුද්ගලයන් හමුවී ඇති අතර එම පුද්ගලයන් අතින් මෙලෙස දැරිය අපයෝජනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.
ඒ අනුව අවසන් වරට දැරිය අපයෝජනයට ලක්වූ අවස්ථාවේ අදාළ සිදුවීම පිළිබඳව දැරිය තම මව දැනුවත් කරමින් සියල්ල පවසා ඇත.
පසුව අදාළ මව තම දැරියද සමඟ මොරවක පොලිසිය වෙත පැමිණ සිදුකළ පැමිණිල්ලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.