Gossips

එකිනෙකාට අභියෝගයක් වූ තිසර සහ මහමුදුල්ලා එකට හමුවෙයි

නිදහස් කුසලානයේ උණුසුම අවසන් වන්නට මත්තෙන් පැවති තවත් එවන් තරඟයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ Peshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් අතර ඊයේ (20) පැවති තරඟය වෙතයි මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.
විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලානයේදී තරඟයේදී බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්වල නායකත්වය දැරූ තිසර සහ මහමුදුල්ලා මෙම තරඟයේදී එක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමයි.
ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ Quetta Gladiators කණ්ඩායමයි.
මෙහිදී තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 157ක්.
එහිදී Rahat Ali කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා.
තිසර පෙරේරා එක් කඩුල්ලක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Quetta Gladiators කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 156ක්.
ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය Peshawar Zalmi කණ්ඩායමට හිමිවූයේ එක් ලකුණකින්.
යළිත් නිදහස් කුසලානයේ අවසන් තරඟයේ අවසන් පන්දුවාරය මතකයට ගෙනා ක්‍රිකට් පිටිය යළි රත්කළ ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම තරඟයේ අවසන් පන්දුවාරය මෙන්න.
rnrn