Gossips

ජනපතිගෙන්, රුසියාවේ ජනපති පුටින්ට සුබ පැතුම්

පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.
විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය ඔහුගේ නායකත්වය සහ දේශපාලන පරිණතභාවය පිළිබඳව රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සබඳතා වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් සබඳතාවක් බවට පත් කරගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද එමඟින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.