Gossips

ගවයින් සොයන්න ඇවිත් මියයාම (ඡායාරූප)

අම්පාර, ගලපිටගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඊයේ (20) රාත්‍රියේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.
වෙල්යායකට අනවසරෙන් අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයා අම්පාර, බක්කිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිය කිරිගව පට්ටියේ ගවයින් සෙවීම සඳහා ඊයේ රාත්‍රියේ පැමිණි අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඡායාරූප – අම්පාර, සමන් චන්ද්‍රතිලක