අලෙවි කිරීම සඳහා ටැමඩෝල් වර්ගයේ මත්පෙති 600ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ඒ ඊයේ (20) රාත්රියේ කල්පිටිය – එත්තාලේ ප්රදේශයේදීයි. 
මෙම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොංග්රසයෙන් ඉදිරිපත්ව පරාජයට පත්වූ අපේක්ෂකයෙකු ද වනවා. 
32 හැවිරිදි සැකකරු අද (21) පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



