Gossips

සහය දීම ගැන නිදහස් පක්ෂ ඇමතිවරුන්තීරණාත්මක සාකච්ඡාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බවයි.