Gossips

කොස්මල්ලී ඝාතනයේ ප්‍රබල සාක්ෂියක් සොයා ගනී

කොළඹ 12 – කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික ශාන්ත කුමාර හෙවත් 'කොස්මල්ලී' නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ටී – 56 වර්ගයේ ගිනි අවිය අඟුණකොලපැලැස්ස – ගෝඨාභයගම ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී ඊයේ (20) සොයා ගත්තා.
ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සිදුකළ පාපොච්චාරණයකට අනුවයි.
මෙම ගිනි අවිය ඝණකම් ප්ලාස්ටික් බටයක බහා දෙපැත්ත මුද්‍රා කර වළ දමා තිබී ඇති අතර, ගිනි අවියත් සමඟ මැගසිනයක් සහ උණ්ඩ 06ක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා කොස්මලීල්ගේ කඳ කොටස වළදමා තිබූ ස්ථානයේ තිබී ටී – 56 ගිනි අවියක හිස් උණ්ඩයක් පොලීසිය සොයා ගත් අතර, ඒ අනුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදීයි මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇත්තේ.
සැකකරුවන් කොස් මල්ලී නමැත්තා පැහැර ගෙන ගොස් ගෝඨාභයගම දී වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි හෙළිව ඇත්තේ.