Gossips

ඉන්ධන නෞකාවක් අප්‍රිකානු මුහුදේ අතුරුදන්

ඉන්දීය නැවියන් 22 දෙනෙකු රැගත් ඉන්ධන නෞකාවක් බටහිර අප්‍රිකානු – බෙනින් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදේදී අතුරුදන් වී තිබෙනවා.
ගත වූ පැය 48 තුළ යාත්‍රාව පිළිබද තොරතුරක් ලැබී නොමැති අතර එය මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇත්දැයි සැකයක් මතුවන බව විදෙස් වාර්තා සදහන් කළා.
මාස ගණනාවක් කලාපය තුළ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් නතර වී තිබුණ ද පසුගිය මාසයේ තවත් ඉන්ධන නෞකාවක් මෙලෙස පැහැර ගැනීමට ලක් වුණා.
අතුරුදන් වී ඇති පැනමාවේ ලියාපදිංචි නෞකාවේ ඩොලර් මිලියන 8 යි දශම 1 ක් පමණ වටිනා ඉන්ධන රැගෙන යමින් තිබූ බව සදහන්.