Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදීම නිදහස් පක්ෂයේ අත්සන්වලින් පසු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංගය භාරදීම පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලබාගත් වහාම කථානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාරදෙන බවද ඔහු සඳහන් කළා.