Gossips

සයිටම් දෙමව්පියන් බෙදෙයි

සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා.
ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක වසන්ත අල්විස් සහ ජාතික විධායක සභික අශෝක රන්වල අදහස් දැක්වූ අතර, කොල්ලූපිටියේ පැවති තවත් මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි අදහස් දක්වා සිටියා.