Gossips

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස් ඉදිරියට

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේදී දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා එහි ස්ථාන 20ක් ඉදිරියට පැමිණ 20 වන ස්ථානයට පැමිණ ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 27ක් ඉදිරියට පැමිණ හිමි කරගෙන සිටින්නේ 48 වන ස්ථානයයි.
කුසල් ජනිත් පෙරේරා නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රීඩකයා වන අතර ඔහු රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 204ක්.
නිදහස් කුසලාන තරඟාවලියේදී දස්කම් දැක්වූ නවක ඉන්දීය ක්‍රීඩකයන් වන වොෂින්ටන් සුන්දර් සහ යුස්වේන්ද්‍ර චහාල් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියා.
චහාල් ස්ථාන 12කින් ඉදිරියට පැමිණ දෙවන ස්ථානය හිමිකරගෙන සිටින අතර, සුන්දර් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ 31 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 151ක් ඉදිරියට පැමිණෙමින්.
තරඟාවලියේ දී දස්කම් දැක්වූ අකිල ධනංජය පන්දු යවන්නන්ගේ දර්ශකයේ 35 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.