Gossips

හෙට සිට යළිත් වැසි

හෙට සිට දිවයින පුරා නැවතත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි ඔවුන් නිවේදනය කළේ.
උතුරු පළාත හැර අනෙක් බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගාල්ල, රත්නපුර, නුවරඑළිය, මඩකලපුව, පොලොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තරමක තද වැසි ඇති වනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.