Gossips

පොලිස් කොමිසමේ ලේකම් සේවයෙන් ඉවත් කරයි

තමන් සේවයෙන් ඉවත් කළ බව ජාතික පොලිස් කොමිසම දැනුම් දුන්නේ යැයි එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
ඊට අදාළ ලිපිය අද (20) තමන්ට ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කොන්ත්‍රාත් පදනම මත සේවයට අනුයුක්ත කර සිටි ලේකම්වරයාගේ ධුර කාලය නිමවීමට තිබුණේ මෙම වසරේ සැප්තැම්බර් මස 30 වනදායි.
කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ නිකුත් කළ නව චක්‍රලේඛයකට අනුව මෙලෙස තමන් සේවයෙන් ඉවත් කළ බව පොලිස් කොමිසම යොමුකළ ලිපියෙහි දැක්වෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.