Gossips

කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක් කොල්ල කයි

කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (20) පස්වරුවේ කොල්ලකා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බැංකු සේවිකාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි.
කොල්ලකෑමෙන් අනතුරුව සැකකරු පලාගොස් තිබෙනවා.
ඔහු කොල්ලකෑ මුදල රුපියල් නව ලක්ෂ පනස් දහසක් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු සොයා කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.