Gossips

විරෝධතා පා ගමනක් හේතුවෙන් රාජගිරියේ දැඩි රථවාහන තදබදයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ පා ගමනක් හේතුවෙන් රාජගිරිය සිට පොල්දූව මංසන්ධිය දක්වා දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියළු විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු අඩාල වී අදට දින 21ක් ගත වනවා.
මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටළුවලට සාධනීය විසඳුමක් අද (20) දිනයේදී ලබාදීමට කටයුතු කරන බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බලධාරීන්ගේ සාධනීය විසඳුම පිළිබදව විශ්වාසයක් නොමැති බවයි.