Gossips

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජාංගන ගොවි සංවිධාන කාර්යාලයේ දී ගොවීන් සමඟ ඊයේ (19) පැවති හමුවකදියි.
ග්ලයිෆොසෙට් පොහොර ලෙස භාවිතා කිරීමේදී සැලකිය යුතු අහිතකර බලපෑම් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ගොවින්ට පොහොර සහනාධාරය ලබාදීමේදී කිසි විටෙකත් මුදල් ලබාදීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.